කොළඹ බාලිකාවක සිසුවියක් අවුරුදු දෙකක් මුදලට විකුණලා…

2581

දැරිය මිලදී ගත් අය අතර ප‍්‍රභූන් පිරිසකුත්

ගල්කිස්සට නොදෙවෙනි මරදානෙන් ඇසෙන කතාවක්…

ෆාතිමා මොහොමඞ් ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් තරුණියකි. වයස අවුරුදු 32 කි. අවිවාහක ඇයට ජීවත්වීම සඳහා ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබුණත් වියදම් කිරීම සඳහා යහමින් මුදල් අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය තරම් මුදල් තමන් සන්තකයේ නොමැති නිසා කෙලෙස හෝ මුදල් උපයාගත යුතු යැයි නිරතුරුවම ඇය කල්පනා කළාය. එලෙස කල්පනා කරන අතර දිනක් ඇය තම මිතුරියක වන ලීසා සමග ඒ පිළිබඳව මෙලෙස කතාබස් කළහ.

‘‘මටනම් දැන් ජීවිතයත් එක්ක එපාවෙලා තියෙන්නේ.”

‘‘ඒ මොකද ෆාතිමා.”

‘‘බලන්න ලීසා කොච්චර සල්ලි තිබුණත් මදි ජීවත් වෙන්න.”

‘‘ඒක නම් ඇත්ත තමා.”

‘‘දැන් බිස්නස් කරලත් ගොඩ යන්න බැහැ රටේ තියෙන තත්ත්වය එක්ක.”

‘‘ඔව් ඒක තමයි..”

‘‘ඉතින් අපි මොකද කරන්නේ.”

‘‘සල්ලි හොයන්න නම් දැන් කරන්න තියෙන්නේ ඉන් ලීගල් වැඩ තමයි.”

‘‘එහෙම කියලා අපි කුඩු විකුණන්නද?”

‘‘උඹට පිස්සුද අපිට කුඩු විකුණලා හිරේ විලංගුවේ වැටෙන්න බෑහැ.”

‘‘එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ ලිසා.”

‘‘මගේ යාළුවෙක් ඉන්නවා මට්ටක්කුලියේ සහරා කියලා.”

‘‘ඉතින්.”

‘‘ජීවත් වෙන්න විදිහක් නැතුව වැලේ වැල් නැතුව හිටියේ. මෙන්න එකපාරටම ඒකි ලක්ෂපතිනියක් වුණා.”

‘‘ඒ කොහොමද, ටිකට් එකක්වත් ඇදිලද?”

‘‘මොන ටිකට්ද ෆාතිමා. ඒකි කරා නියම බිස්නස් එකක්.”

‘‘මොකක්ද ඒ බිස්නස් එක.”

‘‘එකි දවස ගානේ සල්ලිකාර මිනිස්සුත් එක්ක නිදා ගන්න යනවා.”

‘‘ඉතින් ගමටම චාටර් ඇතිනේ.”

‘‘පිස්සුද? රහසිගතව කරන්නේ. ගමේ කවුරුත් දන්නේ නැහැ. ලස්සන නිසා එකි යන්නෙත් පොඩි ගණන්වලට නෙවෙයි.”

‘‘එක අතකින් බලනකොට ඒකත් නියම ජොබ් එක.”

‘‘ඔව් දැන් ඒකි වාහනයකුත් ගන්න යනවා. ඒ තරම් සල්ලි. දවසට ලක්ෂ ගණන් හොයනවලූ. තව ටික දවසක් මෙහෙම ගියොත් අපිටත් ඒ වගේ ජොබ් එකක් තමයි කරන්න වෙන්නෙ.”

‘‘ඒක නම් සහතික ඇත්ත.”

දෙදෙනාගේ කතාව එලෙස අවසන් විය. තම මිතුරිය සමුගත් පසු ෆාතිමා කල්පනා කළේ ඇය පැවසූ කතාව ගැනයි.

‘‘මුදල් හොයන්න තියෙන එකම ක‍්‍රමය ඒක තමයි දැන්. හැබැයි මට ඒ ජොබ් එක කරන්න බැරි වෙයි. මොකද මම ඒ තරම් ලස්සන නැහැ වයසත් වැඩියි. අපේ වයසේ අය ගොඩක් ඉන්නවත් එක්ක. මේකට පොඩි කෙල්ලෙක් හොයා ගත්ත නම් හරි. ඉල්ලූමත් වැඩයි සල්ලි හොඳට හොයන්න පුළුවන්. ගොඩක් පිරිමි කැමති වයස අඩු අයට.”

‘‘මේකට හරියන එක්කෙනෙක් ඉන්නවා. ඒ අපේ නස්ලීමා නංගි. වයස අවුරුදු 12යි. ලස්සනත් එක්ක. කොහොම හරි එයාව මේකට කැමති කරගත්තනම් මම ගොඩ. හොඳ ගාණක් හම්බ කරගන්න පුළුවන්. කල් දාන්න නරකයි. අදම යන්න ඕනෑ ඒකිව මුණගැහෙන්න. ෂේප් එකේ කතා කරලා වචනෙ දාන්න ඕනා.”

ඒ අනුව ඇය මරදාන ප‍්‍රදේශයේ පිහිටි තම ඥාති සහෝදරියගේ නිවසට පැමිණියාය. පුරුද්දක් වශයෙන් ඇය එම නිවසට යෑමට ඒමට පුරුදු වී සිටියාය. එලෙස පැමිණි ඇය වැඩිහිටියන්ට පවසා ඥාති සහෝදරිය අවශ්‍යතාවට යැයි පවසා ඇයව තම නිවස වෙත රැගෙන ගියාය. එලෙස යන අතර මඟ ඇය තම ළාබාල ඥාති සොහොයුරිය සමඟ මෙලෙස කතාබස් කළාය.

‘‘නස්ලිමා කොහොමද ඉස්කෝලෙ වැඩ.”

‘‘වරදක් නැහැ අක්කේ කරගෙන යනවා.”

‘‘වියදම් එහෙම වැඩිත් ඇති.”

‘‘ඔව්. සමහර දේවල් කර ගණන් සල්ලි නෑහැ. අම්මා ළඟ ලොකු සල්ලියකුත් නැහැනේ. ඒක නිසා මම කරදර කරන්නෙ නැහැ.”

‘‘ඒක ඇත්ත. මගේ ළඟත් එහෙම සල්ලියක් නැහැනේ. තිබුන නම් මම අනිවාර්යෙන්ම ඔයාට වියදම් කරනවා.”

‘‘ඒක මම දන්නවා අක්කේ.”

‘‘අම්මලත් දුක් විඳින එකේ අපි දෙන්න එකතු වෙලා සල්ලි ටිකක් හොයා ගමුද? ඉස්කෝලේ යන ගමන්ම.”

‘‘ඒ කොහොමද අක්කේ.”

‘‘ඔයා මම කියන එක අහල බයවෙන්න එපා. එහෙම ඉස්කෝලෙ යන ගමන් සල්ලි හොයන

ගොඩක් අය ඉන්නවා.”

‘‘මොනවා කරලද?”

‘‘පොඩි වැඩක් කරන්න තියෙන්නේ. ඔයා ඒ ගැන හිතන්න එපා. බයවෙන්නත් එපා. මමත් ඔයා ළඟ ඉන්නවා. දෙන්නම එකතු වෙලා අපි ඒ දේ කරමු. හැබැයි මේ ගැන කාටවත් දැනගන්න තියන්න එපා.”

‘‘අනේ මංද මට තේරෙන්නේ නැහැ අක්කා මොනව කියනවද කියලා.”

‘‘ඔයා බය නැතුව මගෙත් එක්ක එන්න. මම කරන්න ඕන දේ නියන්නම්. අපි දෙන්න එකතු වෙලා ඉක්මනට සල්ලි ටිකක් හොයමු. අම්මලත් දුක්විඳිනවා වැඩියිනේ. ඒ විතරක් නොවෙයි ඔවාට හොඳට කන්න බොන්න අඳින්න පුළුවන් කාටවත් බරක් නොවී.”

එපමණක් නොව තව නොයෙක් දෑ කියමින් ළාබාල ඥාති සහෝදරියව ලොව පැරණිම රැකියාවට යොමු කර ගැනීම සඳහා උත්සාහ කළාය. අවසානයේ එය යම්තාක් දුරට සාර්ථක වූ පසු නැවත ඇයව නිවසට ගෙනවිත් දැමුවාය.

ඥාති සහෝදරිය නිවසට ඇරලූ පසු ෆාතිමා ඇයව මුදලට විකිණීම සඳහා මුදල් යහමින් ගැවසෙන සල්ලාල ව්‍යාපාරිකයන් සෙව්වාය. එහිදී ඇයට පංචිකාවත්ත ප‍්‍රදේශයේ වාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරයක නිරත අවුරුදු තිස් අටක් පමණ විවාහක පුද්ගලයකු මුණ ගැසුණාය. ඇය ඔහු සමඟ සියලූ දේ කතාබස් කර ගත්තාය.

ඒ අනුව ඇය තම ලාබාල ඥාති සොහොයුරියව පළමු වරට එම ව්‍යාපාරිකයාට විශාල මුදලකට විකුණුවාය. තම ඥාති සහෝදරියගේ බලකිරීම මත ඇයද එම ව්‍යාපාරිකයා සමඟ මුදලට යහන්ගතවීමට කැමති වූවාය. එතැන් පටන් වසර දෙකක් පුරාවට එම ලාබාල තරුණියව ඇය විටින් විට වරකට රුපියල් 50,000 ක පමණ මුදලකට සමාජයේ ඉහළ තලයේ සල්ලාලයන්ට විකුණුවාය. ඒ අය අතර ව්‍යාපාරිකයන්, විධායක ශ්‍රේණියේ නිලධාරීන්, සමාජයේ ජනප‍්‍රිය පුද්ගලයන් ආදී නොයෙක් අය සිටියහ.

ළාබාල ඥාති සොහොයුරිය අධික මුදලකට සල්ලාලයන්ට විකුණා ලබා ගන්නා මුදලින් ඇය සුඛෝපභෝගී ජීවිතයක් ගත කළාය. එලෙසම තම ඥාති සොයුරියට ඇඳුම් පැළඳුම් කෑම බීම පමණක් ලබා දීමට ඇය වගබලා ගත්තාය. යමක් කමක් තේරෙන වයසට පැමිණි පසු එම දැරිය මෙම ක‍්‍රියාව කිරීම සඳහා අකමැති වූවාය. එවිට ඥාති සහෝදරිය ඇයව බියට පත් කර බලහත්කාරයෙන් එම ක‍්‍රියාවේ යෙදවීමට උත්සාහ කළාය. අවසානයේ බැරිම තැන වසර දෙකක් පුරා ඥාති සහෝදරිය තමන්ට කළ දේ ඇය තම දෙමවුපියන්ට පැවසුවාය.

එය ඇසූ දෙමව්පියන් මරදාන පොලිසියට ගොස් මේ පිළිබඳව පැමිණිලි කළේය. ඒ අනුව මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළහ. පසුව දැරිය රැගෙන විත් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ දී හෙළිවූයේ සැකකාර එම ඥාති සොහොයුරිය කෑමබීම ආදරය සෙනෙහස ලබාදෙන මුවාවෙන් නිවසෙන් රැගෙන විත් එම දැරියව විවිධ පුද්ගලයන්හට මුදලට විකුණා ඇති බවයි. එලෙසම එම දැරිය සමඟ යහන්ගත වීම සඳහා එක් වරකට පුද්ගලයකුගෙන් රුපියල් 50,000 ක මුදලක් අය කරගෙන තිබේ.

එම දැරියගේ ප‍්‍රකාශයට අනුව ඇයව මුදලට විකුණූ ග‍්‍රෑන්ඞ්පාස් පදිංචි සැකකාර තරුණියව සහ ඇය සමඟ පළමු වරට යහන්ගත වූ පංචිකාවත්ත ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයාව ද අත්අඩංගුවට ගත්හ.

දැරිය මේ වන විට රෝහල්ගත කර ඇති අතර ළමා හා කාන්තා කාර්යාංශය ඇයගෙන් වැඩිදුර තොරතුරු ලබා ගනිමින් සිටිති. එම තොරතුරුවලට අනුව ඇය සමග මුදලට යහන්ගත වූ සියලූම දෙනා අත්අඩංගුවට ගැනීමට මරදාන පොලිසියේ නිලධාරීහු සූදානමින් සිටිති. ඒ පුද්ගලයන් අතර සමාජයේ විවිධ තරාතිරම්වල, ජනප‍්‍රිය සහ ප‍්‍රභූ පිරිසක් සිටින බවට ද තොරතුරු අනාවරණය වෙමින් පවතී.

මරදාන ප‍්‍රදේශයේ පදිංචි මෙම ලාබාල තරුණිය කොළඹ ප‍්‍රදේශයේ බාලිකා පාසලක අධ්‍යාපනය හදාරන 14 හැවිරිදි සිසුවියකි. මෙයට මාස කීපයකට ඉහතදී ගල්කිස්ස ප‍්‍රදේශයෙන් ද මෙවැනිම සිද්ධියක් වාර්තා විය. එය රටේ මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය. මෙම සිද්ධිය දෙස බැලීමේදී පළමුව වගකිවයුතුව ඇත්තේ දැරියගේ දෙමව්පියන්ය. ඔවුන් තම දියණිය ගැන නිසි අවධානයකින් සිටියේ නම් කිසි දිනක ඇයට මෙවැනි අපරාධයක් සිදු නොවීමට ඉඩ නොතිබුණි. දියණියන් සිටින දෙමව්පියනි මෙම කතාව ජීවිතයට ආදර්ශයක් කරගනු මැනවි. කොතරම් වැඩ රාජකාරි තිබුණත් පළමු රාජකාරිය බවට තම දියණිය පත්කර ගන්න. හුදෙක්ම මෙවැනි කතා පාඨක ඔබ වෙත ගෙන එන්නේ කියවා රස විඳීමට නොව ජීවිතයට ආදර්ශයක් ගැනීම සඳහාය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment