මාණික්කාවත

729

සම්මානනීය සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ දිගු නිහැඬියාවකට පසු නිර්මාණය කළ මාණික්කාවත ප‍්‍රාසාංගික ටෙලිනාට්‍යය ලබන 18 වැනිදා සිට සෑම ඉරිදා දිනකම රාත‍්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශ වේ. ප‍්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත සාහිත්‍ය කෘතිය ඇසුරින් මෙම ටෙලි නාට්‍යයට තිරකතාව ලියා රූපයට නගා තිබෙන්නේ බලන්ගොඩ ප‍්‍රදේශය ආශ‍්‍රීත මනරම් දර්ශනතල පසුබිම් කරගෙනය. ජගත් චමිල, නිරෝෂන් විජේසිංහ, වෝල්ගා කල්පනී, උදයන්ති කුලතුංග, සරත් කොතලාවල, ආදි නළු නිළියන් රැුසක් චරිත නිරූපණය කරන මාණික්කාවත නිෂ්පාදනය කර තිබෙන්නේ ෆාහිම් මවුජුඞ් විසිනි.

මාණික්කාවත
advertistmentadvertistment
advertistmentadvertistment