ඒත් යුද්ධයකට අරඇදීම නොවේ
මේ වනවිට ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම්කාරි වාතාවරණය වර්ධනය වෙමින් තිබුණත් දෙරට අතර විශාල යුද්ධයක් ඇතිවීමේ ඉඩකඩ ඉතා අවම බව ‘දිවයින’ට වාර්තා වේ.
ඉකුත් අප්‍රේල් 22 වැනිදා ඉන්දු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය ජාතිකයන් 26 දෙනකු මිය යෑමේ සිද්ධියෙන් පසුව දෙරට අතර යුද උණුසුමක් වර්ධනය වී තිබුණත් ඉන්දියාව එම ත්‍රස්තවාදයට සහ ඊට ආධාර හා අනුබල දෙන්නන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගනිමින් සිටීම ඊට හේතුව බව ද වාර්තා වේ.
ඉතා සැලසුම් සහගතව සිදුකළ පහල්ගම්හි මේ කුරිරු ත්‍රස්ත ක්‍රියාව පාකිස්තාන රජයේ සහ ආරක්ෂක අංශවල අනුබලය ඇතිව සිදුවූවක් බවට ඉන්දියාව පැත්තෙන් සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇති බව ද ‘දිවයින’ට වාර්තා වේ.
මේ නිසාම ඉන්දියාවේ මෙන්ම අනෙකුත් රටවල ද සාමකාමී වාතාවරණය බිඳ දැමීමට තුඩුදෙන මේ කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දියාව පාර්ශ්වයෙන් සූදානමින් සිටින බව ද දැනගන්නට ඇත.
එසේම පහල්ගම්හි ඉන්දියානු ජාතිකයන් 26 දෙනකු ඝාතනය කළ ත්‍රස්ත ක්‍රියාව ගැන ජාත්‍යන්තර හෝ ඒකාබද්ධ (ඉන්දීය හා පාකිස්තාන) පරීක්ෂණයකට සහාය දීමට ඉන්දියාව සූදානම් බව ද ‘දිවයින’ට තවදුරටත් වාර්තා වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත