පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ලැබූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය තෙවැනි ධුර කාලය සදහා දිවුරුම් දීම හෙට ඉන්දීය ජනාධිපති ද්‍රොව්පදි මුර්මු මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාශ්ටපතිභවන් හිදී පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.මෙම දිවුරුම් දීමේ උත්සවයට ආසියානු කලාපයේ රටවල රාජ්‍ය නායකයින්ට ආරාධනා කර ඇත.ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු, සීෂෙල්ස් උප ජනාධිපති අහමඩ් අෆිෆ්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හංසිකා,මුරිසි අග්‍රාමාත්‍ය ප්‍රවීන්ද් කුමාර්, නේපාල අග්‍රාමාත්‍ය පුෂ්පකමල් දාහල්, භූතාන අග්‍රාමාත්‍ය ෂෙරින් ටොබ්ගේ යන මහත්ම මහත්මීන්ට ආරාධනා කර ඇතැයි ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.
|