අදානි සුළං විදුලි ව්‍යාපෘතිය රජය අවලංගු කර නැතැයි බලශක්ති ඇමැති කියයි

48

ඉන්දියාවේ අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුළං බල විදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නැතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචන කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවත් එම අවස්ථාවේ දී ඉන්දීය අදානි මව් සමාගම විසින් මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් යොමු කර තිබූ බවත් ඒ පිළිබඳව ආයෝජන මණ්ඩලය විසින් අමාත්‍යාංශය දැනුවත් කළ බවත් යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ලංකාවේ අදානි සමාගමේ නියෝජිත ආයතන සමග බවත් එබැවින් මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කර ඇතැයි ද බලශක්ති අමාත්‍යවරයා පැවසීය.ඒ සම්බන්ධ ලිපිය යවා සති දෙකක් ඇතුළත පිළිතුරක් අපේක්ෂා කරන බවත් එම සති දෙක ඇතුළත සෘණාත්මක පිළිතුරක් ලැබුනොත් පමණක් වෙනත් විකල්පයකට යොමු වීමට සිදුවන බවත් කීවේය.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභා වාරයේ පළමු බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ය.එය අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන්ඉකුත් 06 වැනිදා රැස්විය.


advertistmentadvertistment