අධිකරණය මග හරිමින් සිටි කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

185

කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බදුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ආරච්චිකට්ටුව නල්ලදරම්කට්ටුව ප්‍රදේශයේ දී සහ හලාවත නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
2013 වර්ෂයේ දී රජයේ රැකියා ලබා දෙන බවට පවසමින් ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා කූඨ ලෙස සකස් කළ පත්වීම් ලිපි ලබා දී මෙම සැකකාරිය මුදල් වංචා සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ සැකකාරියට එරෙහිව තිබූ පැමිණිලි 26 ක් සම්බන්ධයෙන් බදුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා තිබූ බවය.

ඒ අනුව මෙම සැකකාරිය කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය මගින් වැරදිකරු කරන ලද අතර වැරදිකාරිය අධිකරණය මගහරිමින් සිටි ඇත.

මෙම සැකකාරියට අධිකරණයෙන් වරෙන්තු 26ක් ද නිකුත් කර තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 52 හා 30 යන වයස්වල පසුවන ගොනාගොල්ලල අම්පාර ප්‍රදේශයේ පදිංචිකාරියන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.


advertistmentadvertistment