සිංහල සිනමාවේ සුවිශේෂී ස්ත්‍රී සලකුණක් තැබූ සුමිත්‍රා පීරිස්ගේ පළමු චිත්‍රපටය වූ ‘ගැහැනු ළමයි’ මෙවර කෑන්ස් චිත්‍රපට උළෙලේ හෙට (17දා) ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ‘ගැහැනු ළමයි’ 1978 දී තිරගත විය. ජනප්‍රිය නවකතා රචකයකු වූ කරුණාසේන ජයලත් විසින් රචනා කරන ලද ‘ගැහැනු ළමයි’ නවකතාව ආශ්‍රයෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කෙරිණි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා දෙක වූ කුසුම් සහ නිමල් යන චරිත, වසන්ති චතුරාණි සහ අජිත් ජිනදාස විසින් නිරූපණය කරන ලදී. මෙහි ඇතුළත් වූ නීලා වික්‍රමසිංහ ගයන ‘වියෝ ගී ගැයෙනා’ සහ වික්ටර් රත්නායක ගයන ‘ගැහැනු ළමයිනේ’ යන ගීත අතිශයින් ජනප්‍රිය විය. ගැහැනු ළමයි චිත්‍රපටය ‘ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම’ සමග එක්ව Film Heritage Foundation ආයතනය විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.
ප්‍රංශ – ඉන්දීය – ශ්‍රී ලංකා සිනමා උරුමය නමැති ආයතනය විසින් ඒ සඳහා අරමුදල් යොදවා ඇත.
චතුර පමුණුව