අලි – දුරකථන ස්ථාන කීපයකදී එක්ව තරග බිමට

75

පුළුල් සන්ධානයක් සැකසෙන තුරු ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ආයතන කිහිපයක් සඳහා හෝ එක්සත් ජාතික පක්‍ෂය සහ සමගි ජන බලවේගය එකට එක්ව තරග කිරීමට තීරණය කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

වෙනත් පළාත් පාලන ආයතන සඳහා වෙන්ව තරග කළ ද ඉන් පසුව සභාවල බලය පිහිටුවීම වැනි කාරණාවලදී සහයෝගයෙන් කටයුතු කිරීමට ද පක්‍ෂ දෙක මේ වනතෙක් කරන ලද සාකච්ඡාවලදී එකඟ වූ බව ද ඔහු කීය.

දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇතිකර ගැනීමට මේ දක්වා කරන ලද සාකච්ඡා සාර්ථක බවත් එම සාකච්ඡා තවදුරටත් පවත්වන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා


advertistmentadvertistment