ශ්‍රී ලාංකේය සංස්කෘතියේ සුවිශේෂී අවස්ථාවක් වන සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කාගිල්ස් ෆුඩ් සිටි මෙවරත් සිය පාරිභෝගිකයන් හට අලුත් අත්දැකීමක් තිළිණ කරමින් අප්‍රේල් 4, 5, 7ල 8ල සහ 9 යන දිනයන්හි රට පුරා තෝරාගත් කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසැල් 12ක දී “අලුත් ඉරයි අවුරුද්දයි” – දෙදින අවුරුදු සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීයග
අපගේ සංස්කෘතිය විදහා දක්වන සාම්ප්‍රදායික අංගයන් මුසු වූ ක්‍රියාකාරකම් සහ සෑම වයස් කාණ්ඩයකටම අයත් පුද්ගලයන්ට සම්බන්ධ විය හැකි අවුරුදු ක්‍රීඩා හා විනෝදාත්මක ක්‍රියාකාරකම්වලින් ද සමන්විත වූ මෙම වැඩසටහනල පවුලේ සියලු දෙනා එකට එක් කරවන සහ අවුරුද්දේ සැබෑ වටිනාකම ඉස්මතු කරවන අවස්ථාවක් වියග
ඇඳුම් පැලඳුම්, ලිනන් රෙදිපිළි, බෑග්, මැටි බඳුන්, අත්කම් නිර්මාණ, විසිතුරු භාණ්ඩ මෙන්ම රසවත් අවුරුදු රස කැවිලිවලින් පිරුණු විවිධාකාර අලෙවිකුටි රැසකින් මෙම වැඩසටහනට වර්ණවත් බවක් එක් වී තිබු අතර පාරිභෝගිකයන් හට ඉතා උසස් තත්වයෙන් යුතුල දේශීයව නිෂ්පාදනය කරන ලද භාණ්ඩ මිලදී ගැනීමටත්ල ගැමි අවුරුදු පොළක අත්දැකීමක් ලබා ගැනීමටත් හැකියාව උදා විය.