ඇමෙරිකාවෙන් ස්වෙච්ජාවෙන් පිටුවහල් වූ ප්‍රථම සංක්‍රමණික කණ්ඩායම හොන්ඩුරාස් රාජ්‍යයට

737

ස්වෙච්ජාවෙන් පිටුවහල් වීමට කැමැත්ත ලබා දී තිබූ නීති විරෝධී අයුරින් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී සිටි මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන හොන්ඩුරාස් රාජ්‍යයේ වැසියන් 38 දෙනකු රැගත් ගුවන් යානයක් පෙරේදා (19) හොන්ඩුරාස් රාජ්‍යය වෙත ගොඩබස්වා තිබේ. ළමුන් 19 දෙනකු ඇතුළු මෙසේ ස්වෙච්ජාවෙන් ඇමරිකාවෙන් පිටුවහල් වීමට කැමැත්තක් දක්වා තිබු හොන්ඩුරාස් වැසියන් 38 දෙනා හට සිය රටට යෑම සඳහා නොමිලයේ ගුවන්ගමන් පහසුකම් මෙන්ම එක් අයෙකුට ඇමරිකානු ඩොලර් 1000 බැගින් වූ දීමනාවක් ද ලබා දීමට ඇමෙරිකානු බලධාරීන් විසින් පියවර ගෙන ඇති බව ඇමෙරිකාවේ ස්වදේශ ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.

මෙසේ ස්වෙච්ජාවෙන් ඇමරිකාවෙන් පිටුවහල් වූ ප්‍රථම විදේශිකයන් කණ්ඩායම වන හොන්ඩුරාස් වැසියන් 38දෙනා එසේ පිටුවහල් වීම සඳහා අයදුම් කර ඇත්තේ ඇමෙරිකානු බලධාරීන් විසින් ලබා දී තිබූ ජංගම දුරකථන ඇප් එකක් ආධාරයෙන් බව වාර්තා වී තිබේ. මෙසේ ස්වෙච්ඡාවෙන් පිටුවහල් වූ හොන්ඩුරාස් වැසියන් අතර සිටින ළමුන් 19 දෙනාගෙන් සිවුදෙනකු ඇමෙරිකාවේ උපත ලැබූවන් වන අතර පිටුවහල් වූ 38 දෙනා හට සිය රට වෙත පැමිණෙන තෙක් හෝටල්වල නවාතැන් පහසුකම් මෙන්ම ආහාර සපයා දීමට ඇමරිකානු බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.


advertistmentadvertistment