චීන පිලිපීන සබදතා දුරස් වෙයිද?

146

පිලිපීනයේ දකුණු මුහුදු තීරයේ තෙල් ගවේෂණය සදහා 2005 වසරේ දී ඇතිකරගත් ගිවිසුම ව්‍යවස්ථා විරෝධී බව එරට ශ්‍රෙෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.පිලිපීන ව්‍යවස්ථාව අනුව ස්වාභාවික සම්පත් ගවේෂණය සදහා අවසර ඇත්තේ එරට රජයට පමණි. වෙනත් පාර්ශවයක් සම්බන්ධ කර ගන්නේනම් පිලිපීනයට ඉන් සියයට 60ක අයිතිය තිබිය යුතුය. චීනය සහ වියට්නාමය සමග පැවැති මෙම ගිවිසුම 2008 වසරේදී අහෝසි විය. මෙම ගිවිසුම නැවත පණ ගැන්වීමට චීන ජනාධිපති ෂී ජින් පින් මහතා පිලිපීන ජනාධිපති ෆර්ඩිනන් මාකෝස් (ජූනියර්) මහතා පසුගියදා චීනයේ කළ සංචාරයේදී සාකච්ඡා පවත්වා තිබුණි. 2009 වසරේ සිට දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධයෙන් චීනය සහ පිලිපීනය අතර පැවති අර්බුදය නිසා ද්විපාර්ශ්වික සබඳතා සැලකියයුතු ලෙස පහත වැටී තිබුණි.මෙම නව තීරණය චීනයට තවත් පීඩනයක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment