ඊශ්‍රායල හමුදා බුද්ධි ප්‍රධානියා ඉල්ලා අස්වේ

347

පුද්ගලයන් 1200 කට පමණ මරු කැඳවමින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 07 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වන මේජර් ජෙනරාල් අහරෝන් හලිවා සිය ධුරයෙන් ඊයේ (22දා) ඉල්ලා අස් වී තිබේ. හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන සිය ධුරයෙන් ඉල්ලා අස් වූ ප්‍රථම ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධරයා බවට මේ අනුව මේජර් ජෙනරාල් අහරෝන් හලිවා පත්ව තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙමින් හිටපු ඊශ්‍රායල හමුදා බුද්ධි ප්‍රධානියා සඳහන් කර ඇත්තේ හමාස් සංවිධානය විසින් ඉකුත් ඔක්තෝබර් මාසයේදී එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම සම්බන්ධයෙන් සදහටම තමා වේදනා විඳින බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment