ශ්‍රී ලංකා කාන්තාවෝ දෙවන ජයත් ලබති

420

පන්දු වාර 20-20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පෙරේදා (27 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට සමත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු එකක් තුළදී සියලු දෙනා දැවී ලකුණු 94ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු වාර 10.1 ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 95 ක් ලබා ජයග්‍රහණය වාර්තා කළහ.

පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි කඩුලු 4ක්, ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3 ක් සහ සුගන්ධිකා කුමාරි කඩුලු 2 ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද කවිශා දිල්හාරි සම්මාන ලැබුවාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 59 ක් (හතරේ පහර 10 ක් සහ හයේ පහර 1), සහ විශ්මි ගුණරත්න ලකුණු 24 ක් ලබා ගැනීමට සමත් වූවාය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම තරගයෙන්ද තායිලන්ත කණ්ඩායම පරදා ලකුණු 67 ක ජයක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ලබන පළවෙනිදා උගන්ඩාව සමග පැවැත්වේ.

ලකුණු සාරාංශය

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 1ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 94යි.

කිත්රයන් බ්‍රේසි 22, ලොර්නා ජැක් 24, අයිල්සා ලිස්ටර් 13.

පන්දු යැවීම

කවීෂා දිල්හාරි 3.1-13-4, ඉනෝෂි ප්‍රියදර්ශනී 4-11-3, සුගන්දිකා කුමාරි 4-27-2, අචිනි කුලසූරිය 2-15-1.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 10යි පන්දු 1ක් තුළ කිසිවකු නොදැවී ලකුණු 95.

චමරි අතපත්තු 59, විශ්මි ගුණරත්න 24යි.

advertistmentadvertistment
advertistmentadvertistment