ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට

177

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොම්පඤ්ඤවීදියේ පිහිටි ගුරු මැඳුරේදී ඊයේ (03) සවස කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

හදිසි නීති රෙගුලාසි සහ අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී සහ බැංකු මාවතේදී උද්ඝෝෂණ පැවැත්වීමේ චෝදනා මත ස්ටාලින් මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

අත්අඩංගුවට පත් ස්ටාලින් මහතා කොටුව පොලිසිය වෙත ඊයේ සවස රැගෙන ගිය අතර ඒ මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණය වෙත අද (04) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment