අධ්‍යාත්මික ස්මාරක 9ක් ඉදි කෙරෙන‘ශ්‍රී රාමායන් ට්‍රේල්ස්’ ඇරැඹේ

277

ඉන්දු ශ්‍රී ලංකා අධ්‍යාත්මික සම්බන්ධතාවේ හා සංස්කෘතික පුනර්ජීවනයේ නව යුගයක් සනිටුහන් කරමින් රාමායන වීර කාව්‍යයේ අධ්‍යාත්මික හා ඓතිහාසික සාරය විදහා දක්වමින් මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිවන දැවැන්තම ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාත්මික ස්මාරක 9ක් රට පුරා ස්ථාන නවයක් කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ‘ශ්‍රී රාමායන් ට්‍රේල්ස්’ ඊයේ (23දා) ආරම්භ විය.

ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ආයෝජනය කරමින් කලාපීය ප්‍රබල ආයෝජකයින් සමග එක්ව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

ස්මාට් ගෝවින්ද් දේව ගිරි මහාරාජ් විසින් ශ්‍රී ලංකාවේ සිය මංගල සංචාරයේදී අනුමත කරන ලද මෙම ව්‍යාපෘතිය තුළින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කරනු ඇත. අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් කෙරෙහි උනන්දුවක් දක්වන මිලියන ගණනක් ඉන්දියානුවන් හා ජාත්‍යන්තර සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ‘ශ්‍රී රාමායන මංපෙත්’ ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමට හේතුවනු ඇත. සංස්කෘතික හා අධ්‍යාත්මික උරුමය ජාතීන් දෙක අතර ඇති ගැඹුරු බැඳීම සමගිය හා සහෝදර ප්‍රේමය පිළිබඳ හැඟීමක් පෝෂණය කරයි.

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජාහ්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුවූ මෙම නිල එළිදැක්වීමේ උත්සවය අමතමින් අදහස් දැක්වූ නිරන්ජන් දේව ආදිත්‍ය මෙම ව්‍යාපෘතිය හරහා දේශීය ආර්ථිකය වඩාත් බලසම්පන්න කරන සුවිශේෂී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව කීවේය.

මෙම ව්‍යාපෘතිය ගොඩනැඟිලි ව්‍යුහයන් පමණක් නොව එය පැරණි, අධ්‍යාත්මිකත්වය නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ ආශ්චර්යයන් සහ AI තාක්ෂණයෙන් නිර්මාණයේ වන වර්ධිත යථාර්ථය සහ අතථ්‍ය යථාර්ථය ඇතුළු අති නවීන තාක්ෂණය සමග මිශ්‍රකර මැකී ගිය ඓතිහාසික සිද්ධීන් සජිවීකරණය කර ප්‍රේක්ෂකයින්ට තිළින කිරීමක් ද වනු ඇත.

මන්නාරම් ද්‍රෝණියේ ආදම්ගේ පාලමේ සිට නුවරඑළියේ සීතාඑළිය දක්වා සෑම භූමි අඩවියක්ම තෝරාගෙන ඇත්තේ රාමායන කතාවේ කොටසක් ස්පර්ශ කළ හැකි හා පරිවර්තනීය ලෙස එම පුරාවෘතය වර්තමාන සමාජයට පැවසීමටය. මෙම භූමි අඩවි සංස්කෘතික උරුමයන් සහ අධ්‍යාත්මික අභ්‍යන්තර තොරතුරු විශ්ලේෂණය කිරීමට වඩාත් පහසු හා විධිමත් මාර්ගෝපදේශ සපයන ප්‍රදීපාගාර ලෙස ක්‍රියාකරනු ඇති අතර, ලොව පුරා සිටින සුවසහසක් සංචාරකයින් අතිශයින් ආකර්ෂණය කරන්නා වූ සංචාරක මධ්‍යස්ථාන බවට පත්වනු ඇත.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment