ජාතික නාමල් උයන දේශයට රැකදීමට වෙර දැරූවන් අද ඇගැයීමට

253

ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය සහිත ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දකුණු ආසියාවේ රෝස තිරුවානා කඳුවැටිය සහිත පාරිසරික කලාපය ජාතියට හඳුන්වා දී එය මතු පරපුරට රැකදීමේ ජාතික මෙහෙවරට දායක වූවන් ඇගැයීම අද (30දා) සිදුකිරීමට නියමිතය.

ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් ආරම්භ කොට වසර 33ක් සපිරීම නිමිති කරගෙන ජාතික නාමල් උයන මතු පරපුර සඳහා රැකගැනීමට කොන්දේසි විරහිතව සහාය වූ මුද්‍රිත හා විiුත් මාධ්‍ය ආයතන සඳහා තිළිණ ප්‍රදානය කිරීම අද සවස 3.30ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී සිදුකරන බව පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment