යුරෝපයේ රැකියා වලට අපෙන් කට්ටිය නැහැලු

540


ජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල හෝටල් අංශයේ රැකියා අවස්ථා යුරෝපානු රටවලට සාත්තු සේවක රැකියා අවස්ථා, සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා සඳහා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වී තිබේ. නමුත් මෙම රැකියා ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් සපයාගැනීමට නොහැකිවී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සදහන් කළේය.

මෙම රැකියා අවස්ථා සම්පූර්ණ කරගැනීම සදහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් බිහි කරගත යුතු බවත් විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණුව ලබාදීම සදහා වෘත්තීය පුහුණු අධිකාරිය සමග ගිවිසුම් ගත වන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

ඒ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර අද උදෑසන අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර එම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment