වන්දනාවේ ආ තරුණයා උඩමළුවෙන් පැනලා

798
තරුණයා ආරක්ෂිත වැටෙන් පහළට පනින අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබූ අයුරු

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රීපාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහළට පැන අතුරුදන් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.

මෙසේ ශ්‍රීපාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වී ඇත්තේ හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත (33) යන අයයි.

මෙම තරුණයා සූරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනකු සමග පසුගිය 19 දා උදැසන ශ්‍රීපාද වන්දනාවේ පැමිණ ශ්‍රීපාද උඩ මළුවේ රත්නපුර මර්ගයෙන් පහළට බසිමින් සිටියදී එකවරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පහළට පනින අයුරු ශ්‍රි පාද උඩ මළුවේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශනවල පටිගත වී තිබුණි.

ශ්‍රීපාද උඩ මළුවෙන් පහළට පැන ඇති තරුණයා සොයා ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව 20 දා උදැසන සිට ශ්‍රීපාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇත.

වන්දනාවේ ආ තරුණයා උඩමළුවෙන් පැනලා
අතුරුදන් වූ තරුණයා සොයා ආරක්ෂක අංශ සිදු කරන මෙහෙයුමේ ඡායාරූප

අතුරුදන් වූ තරුණයා සොයා ආරක්ෂක අංශ සිදු කරන මෙහෙයුමේ ඡායාරූප

ශ්‍රීපාද මළුවෙන් පහළට පැන ඇති තරුණයා මළුවෙන් පහළට පැනීමට ප්‍රථම සිහිවිකල් වී සිටි බව එම තරුණයා සමග පැමිණි කාන්තාවන් දෙදෙනා නල්ලතන්නිය පොලිසිය වෙත පවසා ඇත.

අතුරුදන් වූ තරුණයා සම්බන්ධයෙන් රත්නපුර ශ්‍රිපාද මාර්ගයේ පිහිටි සිරිපාගම පොලිසිය වෙත ඔහුගේ ඥාතීන් විසින් පැමිණිල්ලක් කර ඇත.


ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment