ඔබ නොසිටින්න නාමල් උයනක් නැහැ – ජාතික උරුමයන් රකින්න දිවයින කළ මෙහෙය අපරිමිතයි – අගමැති දිනේෂ්

257

‘දිවයින’ දේශය පුබුදුවාලමින් අපේ උරුමයන් ජාතියට රැකදීමට ක්‍රියාකලා. වනවාසි රාහුල හිමියන් නාමල් උයන රෝස තිරිවාණා කැටිය දිවිහිමියෙන් ආරක්‍ෂා කිරීමට කළ මෙහෙවරේදී එම උරුමය ලෝකයට හඳුන්වා දීමටත් කළ මෙහෙවර අපරිමිත බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ කීවේය.

ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය සහිත ආසියාවේ රෝස තිරිවාණා කැටිය රැකදීමට වනවාසී රාහුල හිමියන්ට උදවු කළ මාධ්‍ය අගයමින් ඔවුනට සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව කීය.නාමල් උයන රෝස තිරිවාණා කැටිය තම ජීවිතය පරදුවට තබා රැකගන්නට පූජ්‍ය වනවාසී රාහුල හිමියන් කළ මෙහෙවරේදී ‘දිවයින’ ඇතුළු පුවත්පත් හා සෙසු විද්‍යුත් මාධ්‍ය කළ මහඟු කැපවීම අගය කරන බවද අගමැතිවරයා එහිදී කීවේය.

ඔබ නොසිටින්න නාමල් උයනක් නැහැ - ජාතික උරුමයන් රකින්න දිවයින කළ මෙහෙය අපරිමිතයි - අගමැති දිනේෂ්

නාමල් උයන ලෝක උරුමයක් වනු දැකීම දැන් තම එකම ප්‍රාර්ථනාව බවත් තම ඇස් පියවෙන්න පෙර අප රටට එම උරුමය හිමිවේවායි පතන බව මෙහිදී වනවාසී රාහුල හිමිපාණන් සඳහන් කළේ, එදා මෙදාතුර තමන්ට ශක්තියක් වූ සියලු මාධ්‍යවේදීන් සිහිකරමින් කඳුළු පිරුණු දෑසින් යුතුවය.

මෙහිදී අති පූජ්‍ය මහා සංඝරත්නයටත් ‘දිවයින’ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ එඩ්මන්ඩ් රණසිංහ, ලංකාදීප හිටපු කර්තෘ හා එහි වත්මන් උපදේශක අධ්‍යක්‍ෂ සිරි රණසිංහ හා ‘දිවයින’ වත්මන් ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක යන මහත්වරුනට වනවාසී රාහුල හිමියන් පිරිනැමූ ඇගැයීම් තිළිණ අගමැතිවරයා විසින් ප්‍රදානය කෙරිණි. එම අවස්ථාවට හිටපු කථානායක දේශබන්ධු කරු ජයසූරිය, හිටපු ඇමැති දුමින්ද දිසානායක, අසංක නවරත්න, යදාමිණි ගුණවර්ධන, ජානක වක්කුඹුර යන මහත්වරු ද එක් වූහ.

එම උළෙලේදී වනවාසී රාහුල හිමියන් නාමල් උයන දේශයට උරුම කරදීමට කළ කැපවීම අගයමින් අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ තිළිණයක් ද ප්‍රදානය කෙරිණි. එම අවස්ථාව මෙහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment