ගුවන් හමුදා ප්‍රදර්ශනයේත් ගංජා විකුණලා තරුණියක් අත්අඩංගුවට

42

මේ දිනවල යාපනයේ මූත්තවේලී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ගුවන් හමුදා ප්‍රදර්ශන භූමිය තුළ කේරළ ගංජා අලෙවි කිරීමට උත්සහ ගත් තරුණියක් ගුවන් හමුදා නිලධාරිනියන් විසින් 10 දා අත්අඩංගුවට ගෙන තිබේ.

එම තරුණිය ප්‍රධාන දොරටුවෙන් එළියට ගොස් ආපසු ක්‍රීඩාංගණයට යෑමට උත්සහ කළ අවස්ථාවේදී සැකකටයුතු සිදුවීමක් නිසා පරීක්ෂා කරන විට ඇය සන්තකයේ තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් දෙකක්ද ගුවන් හමුදා නිලධාරීන්ට සොයා ගැනීමට හැකි වී තිබේ.

අත්අඩංගුවට ගත් තරුණිය යාපනයේ නාගදීපය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් වන අතර ඇය කේරළ ගංජා අලෙවි කිරීමේ චෝදනාවක් මත මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති තරුණියකි.

ගුවන් හමුදා නිලධාරීන් විසින් එම තරුණිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිසිය වෙත භාර දී ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment