ශ්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂකයා විජයදාස – මෛත්‍රිපාල කියයි

105

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇමැති අධිනීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පැවැසීය. හිටපු ජනාධිපතිවරයා එසේ පැවසුවේ වෘත්තීය සමිති නායක ටී. බී. ඉලංගරත්න මහතාගේ පිළිරුව අබියස ඊයේ (1 දා) පැවැති ගුණසමරු උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් කතා කළ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

‘විජයදාස රාජපක්ෂ මහතාට තමයි පක්ෂයේ වැඩිදෙනකුගේ කැමැත්ත කියන්නේ. මම එක ගමනක් ජනාධිපතිකම කළා. මම එක සැරයයි කරන්නෙ කියලා කිව්වා. ඒ සැරේ දිවුරුම් දෙන වෙලාවෙම මම කිව්වා මම ආයෙමත් තරග කරන්නේ නැහැ කියලා. විජයදාස මහත්මයා තමයි ඉල්ලන්නෙ. අපි සම්පූර්ණ සහාය දෙනවා. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් අපි ගත්තා. දැන් එයා අපේ. ඇමතිකම ගැන දැන් කිසිම කැමැත්තක් නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment