පාසලේ කලහකාරී ලෙස හැසිරුණු සිසුන්ට වේවැල් පහරදුන් විදුහල්පතිට වැඩ වරදී

97

පොල්ගහවෙල අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රථමික විද්‍යාලයක පහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනකුට වේවැලකින් පහරදී තුවාල සිදුකළා යැයි දෙමාපියන් කළ පැමිණිල්ල්ලක් මත එම විදුහලේ විදුහල්පතිවරයා ඊයේ (30 දා) අත්අඩංගුවට ගත්බව පොතුහැර පොලිස්ථානාධිපතිවරයා පැවසීය

විදුහලේ දී කලහකාරි ලෙස හැසිරී කෑකෝගසමින් සිටි සිසුන් කිහිපදෙනකුට ඔවුන් පාලනයකිරීම සඳහා විදුහල්පතිවරයා වේවැලකින් පිටට පහරදී ඇති බවත් පහර කෑ ළමයින් තිදෙනකු දෙමාපියන් විසින් පොල්ගහවෙල රෝහලට ඇතුළත්කර ඇති බවත් පොලිසිය පැවසීය.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment