පැතුම් සහ වනිඳු එක්ව සුපිරි වටයට පැතුම් ගෙන එයි

812

වනිදු හසරංග ගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතා සහ පැතුම් නිශ්ශංකගේ අධිෂ්ඨානශිලී ඉනිම හේතුවෙන් අයර්ලන්තයට එරහිව අබුඩාබිහි ශෙයික් ශයිඞ් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (20 වැනිදා) ලකුණු 70ක ජයග‍්‍රහණයක් ලැබූ ශ‍්‍රී ලංකා කණ්ඩායම 2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවන වටය සඳහා සිය ප‍්‍රවේශය උදාකර ගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලූ‍ 7ක් දැවී ලකුණු 171ක් ලබාගත් අතර අයර්ලන්ත කණ්ඩායමට සියලූ‍ දෙනා දැවී රැුස් කර ගත හැකි වූයේ ලකුණු 101ක් පමණි. සුපිරි කණ්ඩායම් දොළොස් දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවති මෙම තරගයේ ජයග‍්‍රහණයත් සමග ශ‍්‍රී ලංකා කණ්ඩායම ‘එ්’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය.

ශ‍්‍රී ලංකාව මෙම කාණ්ඩය යටතේ තරග වදින අවසන් තරගය හෙට (22 වැනිදා) නෙදර්ලන්තය සමඟ පැවැත්වේ.

පන්දු යැවීමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ මහීශ් තීක්ෂණ ලකුණු 17කට ප‍්‍රතිවාදි ඉනිමේ කඩුලූ 3ක් බිඳ දැමූ අතර වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න කඩුලූ 2 බැගින් බිඳ දැමීය.

අයර්ලන්ත නායකයාගෙන් ලද ආරාධනය ශ‍්‍රී ලංකා කණ්ඩායමට එතරම් හිත සුව පිණිස නොවුණේ තරගයේ දෙවැනි පන්දුවේදිම ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තමා මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී යාම නිසාය. ජේෂ්ඨ පිතිකරු ලෙස කණ්ඩායමට එක්ව සිටි දිනේෂ් චන්දිමාල් ද ලකුණු 6කට දැවී ගිය අතර අවිශ්ක ප‍්‍රනාන්දුද තමා මුහුණ දුන් පලමු පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේ පන්දු යැවූ ජොස් ලිට්ල්ට ඊළඟ පන්දුවේදී තවත් කඩුල්ලක් දවා ගත හොත් කඩුළු ත‍්‍රිත්වයක් ලබා ගැනීමේ අවස්ථාව උදාකර දෙමිනි.

එහෙත් පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා ගෙන පිටියට පැමිණි වනිදු හසරංග සහ පැතුම් නිශ්ශංක එකතුවෙන් ගොඩනැගුණු සම්බන්ධතාවය ලකුණු 123ක් කරා ඇදී ගියේ අයර්ලන්ත බලාපොරොත්තු එකිනෙක බිඳ දමමිනි.

වනිදු සහ පැතුම් යුගලය එකතුව කඩුල්ලේ රැඳී සිටි පන්දු 82 තුළ අබුඩාබිහි ශෙයික් ශයිඞ් ක‍්‍රීඩාංගණය මහත් ඝෝෂාව කින් ඇළලී ගියේ වනිදුගේ ගිණිකෙළි සංදර්ශනයක් බඳු පිති ප‍්‍රහාරයෙන් වශීකෘත වූ පේ‍්‍රක්ෂකයන් නැගූ ඔල්වරසන් හඬිනි.

පළමු පන්දුවාර හතර තුළදී ලකුණු 17 කට සීමා වූ ශ‍්‍රී ලංකා ඉනිම ජයග‍්‍රාහි ලකුණු සංඛ්‍යාවකට ගෙනඒමට අඩිතාලම ගොඩනැඟු‍ණේ මාක් අඩෙර් ක‍්‍රියාත්මක කළ තරගයේ පස්වෙනි පන්දුවාරයේ සිටය. මාක් අඩෙර්ගේ එම පන්දුවාරයේ පැතුම් හතරෙ පාරවල් දෙකක් සහ වනිදු එක් හතරෙ පහරක් එල්ල කරමින් ලකුණු දහතුනක් ලබාගත්හ. ඉන් නොනැවතුනු වනිදු හසරංග සිමි සින්ගේ පන්දු හතරකට පිට පිට හතරේ පහරවල් හතරක් එල්ල කළේය. නෙදර්ලන්තයට එරෙහිව පසුගිය තරඟයේ දී පිට පිට කඩුලූ‍ 4ක් දවා ගෙන ලෝක කුසලාන තරගයක ලෝක වාර්තාවක් තබා සිටි කර්ට්ස් කෙම්පර්ගේ පළමු පන්දුවාරයේ අවසන් පන්දුව නතර වුණේ වනිදු ගේ පිත්තේ වැදි උඩුගුවනේ මීටර් 60ක් පියාසර කර හතරේ සීමාවෙන් එපිටට යමිනි.

ශ‍්‍රී ලංකා පළමු ලකුණු 50 පන්දුවාර 6.2ක් තුළ දී වාර්තා වූ අතර සිමි සින්ගේ පන්දුවකට රිවස් ස්වීප් පහරක් එල්ල කළ පැතුම් නිශ්ශංක කෙම්පර්ගෙ තවත් පන්දුවක් හතරේ සීමාවෙන් ඉහළට පියාසර කර වූයේය. ශෙයික් ශයිඞ් ක‍්‍රීඩාංගණයට පැමිණ සිටි පේ‍්‍රක්ෂකයන්ට සිය හිස්වැස්ම ගලවා ආචාර කරමින් වනිදු හසරංග සැළකර සිටියේ පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් පිටියේ කණ්ඩායම වෙනුවෙන් අත්‍යාවශ්‍යම වූ අර්ධ ශතකයට තමා ප‍්‍රවේශ වූ බවයි .

ලකුණු 08 කට කඩුලූ‍ 3ක් බිඳ වැටී ශ‍්‍රී ලංකා පේ‍්‍රක්ෂකයින්ගේ පැතුම් සුණු විසුණු වෙමින් තිබියදී එක් අන්තයක් ආරක්ෂා කරගෙන ශ‍්‍රී ලංකා පැතුම් රැකගැනීමට පැතුම් නිශ්ශංක සමත් වූයේය. තරඟයේ 16 වැනි පන්දුවාරයේදී සිය අර්ධ ශතකය වාර්තා කළ පැතුම් නිශ්ශංක 19වෙනි පන්දු වාරයේදී දැවී යන විට නවකයෙක් ලෙස වුවමනාවටත් වඩා සිය යුතුකම කණ්ඩායම වෙනුවෙන් ඉටුකර තිබුණි. තරගයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දු දෙකට නායක දසුන් ශානක එල්ල කළ හයේ සහ හතරේ පහරත් සමගින් ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව 171 ක් දක්වා ඉහලට ගෙන ඒමට සමත් වුණි.

ලකුණු සටහන

ශී‍්‍ර ලංකාව පන්දුවාර 20 දී 171/7

අයර්ලන්තය පන්දුවාර 18.3 කදී 101/10

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට
 

advertistmentadvertistment
advertistmentadvertistment