හඳපානාගල විදුලි සර වැදී වන අලියකු මිය යෑමේ චෝදනාවට ඇල්ලූ සැකකරුට ඇප

26

පොළොන්නරුව මනම්පිටිය මහවැව හඳපානාගල කුඹුරුයායේ දී විදුලි සර වැදී වන අලියකු මියයෑමේ චෝදනාවක් මත වැලිකන්ද වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මනම්පිටිය

මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු පොලොන්නරුව මහේස්ත්‍රාත් 2 ජී.පී.ඩී. සඳරේකා මෙනවිය විසින් රුපියල් 10000 ක් මුදලින් සහ ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහරින ලෙස නියම කළේය.

1 ඇළේ කුඔුරේ විදුලි රැහැන් ඇද අලියකු මරා දැමීම යන චෝදනාව මත වැලිකන්ද වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් සැකකරු වන මාරසිංහ ආරච්චිලාගේ සමන් තිලක මාරසිංහ යන අය ඊයේ දහවල් මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරා තිබුණි.

අඩි 9 ක් පමණ උසැති වයස අවුරුදු තිස්පහක් පමණ වන මෙම පිරිමි වන අලියාගේ මරණය පළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු, ගිරිතලේ වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරි විසින් සිදුකිරීමට නියමිතව තිබුණි.

වැලිකන්ද වනජීවි කාර්යාලයේ අඩවි සහකාර ඩබ්ලිව්. එම්. සීි. වනසිංහ, වන සත්ත්ව නියාමක එම් .පී. ප්‍රියන්ත ලක්ෂ්මන්, කේ. ජි. රුවන්, රියැදුරු ඩබ්ලිව් .ඩී .සී. ශ්‍රීමාල් යන මහත්වරුන් ඇතුළු වනජීවි නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ විදුලි සර වැදී මියගිය අලියා

ඇලහැර නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment