ඉන්දියානු යුවළ මිරිස්සේදී අනතුරක – සැමියා මියයයි

152

ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළුණු ඉන්දියාවේ කේරළය ප්‍රදේශයේ යුවළක් මිරිස්ස ගිරාගලේ ඡයාරූප ගනිද්දී අනතුරකට ලක්ව සංචාරකයා මියයයි.

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ඉන්දියාවේ කේරළය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස්හතර (34) ක් වූ ජොනී බිජෝ සහ ඔහුගේ විසිහත් (27) හැවිරිදි විවාහක බිරිඳ ෆ්‍රැන්සිස් ෆර්ඩිනන්ඩ් යන යුවළ පසුගිය 18 වැනි දින වැලිගම මිරිස්ස ප්‍රදේශයේ ‘මිරිස්ස බීච් හෝටලයේ’ නවාතැන් ගෙන ඇත.

22 දින පෙ ව 11.30 ට පමණ කොටවිල පොලිස් බලප්‍රදේශයට අයත් මිරිස්ස බණ්ඩරමුල්ලේ සුන්දර ස්ථානයක් වූ ගිරාගල මත සිට ඡයාරූප ගැනීමට ගිය අවස්ථාවේ තම බිරිඳ ෆ්‍රැන්සිස් ෆර්ඩිනන්ඩ් ලිස්සා මුහුදට වැටී ඇති අතර ඇය බේරාගන්න උත්සාහ දැරූ ඇයගේ සැමියා වූ වයස අවුරුදු 34 ක්වූ ජොනී බිජෝ මුහුදට වැටී දියේ ගිලී මියගොස් ඇත. සිරුර මරණ පරීක්ෂණය සදහා මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු කොටවිල පොලිසිය විසින් සිදුකරනු ලබයි.

වජිර පූජිත ගුනවර්ධන – තෙලිජ්ජවිල

advertistmentadvertistment
advertistmentadvertistment