එල්පීඑල් වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයෝ 500 ක්

178

විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් 500කට අධික සංඛ්‍යාවක් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්). ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල පූර්ණ සාමාජිකත්වය දරණ රටවල ක්‍රීඩකයන් සහ තවත් සෙසු රටවල් 24ක පමණ ක්‍රීඩකයෝ ඒ අතර වෙති.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ජූලි මස 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර 5 වැනි එල්.පී.එල්. තරගාවලිය ලෙස එය සැලකේ.

ඒ අනුව නවසීලන්තයේ ටිම් සවුති, ජිමී නීෂම්, ඉෂ් සෝධි සහ මාක් චැප්මන් ද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශායි හෝප්, එවින් ලූවිස් සහ ඇන්ඩෲ ෆ්ලෙචර්, බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම්, තමීම් ඉක්බාල්, නජ්මුල් හුසේන් ෂැන්ටෝ සහ ටස්කින් අහමඩ් ද, දකුණු අප්‍රිකාවේ තබ්‍රේස් ශම්සි සහ ඕස්ටේ්‍රලියාවේ උස්මාන් කවාජා, පාකිස්තානයේ වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා ද මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් ක්‍රීඩකයෝ අතර වෙති.

එමෙන්ම තමීම් ඉක්බාල්, රෙසී වැන් ඩර් ඩුසෙන්, රීසා හෙන්රිකස්, රිලී රුසොව්, ලූන්ගි ඉගිඩි, රමණුල්ලා ගුර්බාස්, කොලින් මන්රෝ, ජේසන් බිහෙන්ඩ්‍රොෆ්, මුජීබ් උර් රෙහෙමාන්, නූර් අහමඩ්, ඉෆ්ටිකර් අහමඩ්, මොහොමඩ් නයිබ්, ගුලබදීන් නයිබ්, ඊබ්‍රාහිම් සද්රාන්, ඔෂේන් තෝමස්, කීමෝ පෝල් සහ ෆෙබියන් ඇලන් ද ඊට ලියාපදිංචිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment