15 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 20 වැනිදා සිට

42

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය ලබන 20 වැනිදා සිට 22 වැනිදා දක්වා උදෑසන 8.00 සිට කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන 2023 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සහ 2023 ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ප්‍රීමා සමාගමේ සීමා සරයිස් සන්නාමය විසින් අනුග්‍රාහක දායකත්වය එක් කොට ඇත. අඛණ්ඩව 15 වැනි වසරට ඔවුන් අනුග්‍රාහකත්වය දක්වන අතර මෙවර තරගාවලියට 10 දෙනකුට අධික විදේශ තරගකරුවන් පිරිසක් ද සහභාගි වීමට නියමිතය..

තරගාවලියට අදාළ අනුග්‍රාහක චෙක්පත පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ

advertistmentadvertistment
advertistmentadvertistment