පානදුර – මොරටු රන් සටන විසඳුමකින් තොරයි

52

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු විද්‍යාලය අතර පැවති රන් සටන ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවති එම තරගය පාසල් දෙක අතර පැවැති 72 වැනි මහා ක්‍රිකට් තරගය ලෙස වාර්තා අතරට එක් විය. එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය පන්දු වාර 82.3කදී කඩුලු 8ක් දැවී ලකුණු 282ක් රැස් කර සිය ඉනිම අත්හිටු වූ අතර එහිදී ශ්‍රී සුමංගල විදුහල වෙනුවෙන් කවිඳු ගයාත්‍ර (84), ක්‍රිෂාන් එරංග (63), විශ්ව ළහිරු (52), දුරංක සිල්වා (32) සහ නේක්ෂ ඉද්දමල්ගොඩ (23) ක් ලෙස ලකුණු ලැබූහ. නිශිත දුලංජන සහ සංජන සෙනෙවිරත්න කඩුලු 2ක් බැගින් දවා ගැනීමට සමත් වූහ. මොරටු විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 227කට සීමා වූ අතර මොරටු විද්‍යාලයේ ඉසුරු නිදර්ශන පන්දු 124කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 107ක් රැස් කළේය. විහඟ නිම්සර ලකුණු 61ක් රැස් කළ අතර විශ්ව ළහිරු ලකුණු 63කට කඩුලු 5ක් දවාලුවේය. පානදුර සුමංගල විද්‍යාලය දෙවැනි ඉනිමේ දී කඩුලු 4 ක් දැවී ලකුණු 157 ක් රැස් කර ගෙන සිටියදී තරගය අවසන් විය.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය: පළමු ඉනිම – 282/8 (කවිඳු ගයත්‍ර 84, ක්‍රිෂාන් එරංග 63, විශ්ව ළහිරු 52, දුරංක සිල්වා 32, නේක්ෂ ඉද්දමල්ගොඩ 23, නිෂිත දුලංජන 53/2, සංජන සෙනෙවිරත්න 73/2

මොරටු විද්‍යාලය: 227 ඉසුරු නිදර්ශන 107, විහඟ නිම්සර 61, විශ්ව ළහිරු 63/5, මෙවිඳු කුමාරසිරි 48/2, රසික දිශාන් 69/2

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය: දෙවැනි ඉනිම – 157/4 රුසිත් ජයවර්ධන 58, දුරංක සිල්වා 55, හිමාෂ් තරුෂ්ක 12/2

පානදුර – සමන් කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment