කැස්බෑ මළ සිරුරු ගොඩ ගසයි

1091

වැල්ලවත්තේ සිට ගාලු මුවදොර දක්වා වෙරළ තීරයට ඊයේ (21) සහ අද (22) දිනයේදීත් කැස්බෑ මළසිරුරු 10කට වැඩි ප්‍රමාණයක් අසාමාන්‍ය ලෙස ගොඩගසා තිබේ.කැස්බෑ සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කර ඇති ගාලු මුවදොර මෙන්ම කැස්බෑවුන් නිතර ගැවසෙන වැල්ලවත්ත සහ දෙහිවල ඇතුළු වෙරළ තීරයට ඊයේ කැස්බෑ මළසිරුරු 02ක් සහ අද තවත් මළසිරුරු 07කට වැඩි ප්‍රමාණයක් ගොඩගසා තිබුණි.අසාමාන්‍ය ලෙස ගොඩ ගසා තිබූ මෙම කැස්බෑ මළසිරුරු කිහිපයක ඇස් ඉදිමී ඇති අතර, ඇතැම් සිරුරුවලින් රුධිරය වහනය වන ආකාරයද දක්නට ලැ‍බේ.

advertistmentadvertistment
advertistmentadvertistment