බාල එන්නත් නඩුවේ සමාගම් හිමිකරුගෙන් පෙත්සම් දෙකක්

277

සීඅයිඩීයෙන් කෝටි 500ක වන්දියකුත් ඉල්ලයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිෂ්පාදනය කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපවූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ ඉදිරි කටයුතු සිදුකිරීම වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා එම එන්නත් සැපවූයේ යැයි කියන සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු නමැත්තා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එම එන්නත් සම්බන්ධයෙන් වෛi පරීක්‍ෂණ ආයතනයෙන් තත්ත්ව වාර්තාවක් හෝ නොගෙන නිසි ලේඛන පරීක්‍ෂා නොකොට තමාව අත්අඩංගුවට ගැනීමෙන් සිදුවූ හානියට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 500ක වන්දියක් අයකර දෙන ලෙසට ද ඉල්ලා එම පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

එලෙස නිසි කරුණු අධ්‍යයනය නොකොට තමාව අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන ලෙසත් තමාව වහාම ඇපමත මුදාහැරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කරන ලෙසත් නීතිඥ ශ්‍යාමලී අතුකෝරළ මහත්මිය සහ නීතිඥ ඒ. ඩබ්ලිව්. ගුණසේකර මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සම්වලින් පෙත්සම්කරු ඉල්ලා ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අංක එක විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක වෛi සංජීව රජීව්, ජෙරාඩ් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කොට ඇත.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment