ගොඩබාන්න ඉඩ නැතිව භූමිතෙල්  ලීටර් 19,800ක් බවුසරයක රඳවාගෙන

220

ජනතාව භූමිතෙල් නොමැතිව පෝලිම්වල සිටියදී බදුල්ල තොග ගබඩාවේ භූමිතෙල් ලීටර් 19,800ක් පුරවන ලද ඉන්ධන බවුසරයක් ගොඩ බෑමට ඉඩ නොමැතිව එහි රඳවා සිටින බව වාර්තාවේ.

එම ගබඩාවේ භූමිතෙල් ලීටර් 54,000ක පමණ තොගයක් පවතින බවත් එය අඩු වනතෙක් ඛී 4890 දරන භූමිතෙල් ලීටර් 19,800ක් අඩංගු භූමිතෙල් බවුසරය ගොඩබෑමට නොහැකි බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගබඩාවේ ඩීසල් ලීටර් 3,60,000ක්, පෙට්‍රල් ලීටර් 40,000ක් පමණ පවතින බවත් මේ ආකාරයෙන් දිවයින පුරා පිහිටි අනෙකුත් ගබඩාවල ද ඉන්ධන තොග ඇතැයි විශ්වාස කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment