ඉන්දීය ජනතාවට කොරෝනා නීති පිළිපදින්නැයි ඉන්දීය අගමැතිවරයා කියයි

100

චීනයේ දරුණු ලෙස පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය මත නැවත කොරෝනා වසංගත රැල්ලක් පැමිණිය හැකි බැවින් වහාම මුහුණු ආවරණ (මාස්ක්) පැළඳීමේ සිට සිදු කරන කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ දැමීම ඇතුළු කොරෝනා මර්දනය සඳහා නිකුත් කර ඇති කොරෝනා මර්දන නීති රීති අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි ජනතාවගෙන් පෙරේදා (22දා) විශේෂ ඉල්ලීමක් කර තිබේ.

දැනට බිය විය යුතු තත්ත්වයක් නැතත් ඉදිරියේදී අසල්වැසි චීනයේ පැතිරෙන කොරෝනා වසංගතය ඉන්දියාවටද පැමිණීමේ අවදානමක් පැවතීම නිසා මෙසේ ආරක්ෂිත පියවරක් ලෙස කොරෝනා මර්දන නීති රීති අනුගමනය කරන ලෙස අගමැති මෝඩි නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. ඉන්දීය අගමැතිවරයා පෙරේදා දිනයේ චීනයේ පැතිරෙන කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වන තත්ත්වය සමාලෝචනය කිරීමේ රැස්වීමක්ද පවත්වා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment