ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතරින් ජයග්‍රහණය කරන්නේ කවුරුන් ද

494

ඉදිරි වසර හතර සඳහා ධවල මන්දිරයේ බලය හොබවන්නේ කවුරුන් ද යන්න තීරණය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් නොවැම්බර් මාසයේදී තරග කරනු ඇත. මෙම තරගය නූතන ඉතිහාසයේ සුවිශේෂී තරගයක් ලෙස සනිටුහන් වන්නේ, එය වත්මන් ජනාධිපතිවරයෙකු අතර සහ ඔහුගේ ආසන්නතම පූර්වගාමියා අතර නැවත පැවැත්වෙන තරගයක් හේතුවෙනි.

ට්‍රම්ප්ගේ පළමු මාධ්‍ය ලේකම්වරයා ලෙස සේවය කළ සහ ඊට පෙර රිපබ්ලිකන් ජාතික කමිටුවේ සේවය කළ ෂෝන් ස්පයිසර්ට අනුව, වෙනස සරලය.

“ට්‍රම්ප්ගේ කාලයේදී, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති මගේ ජීවිතය වඩා හොඳ තැනට ගෙනාවා, වැඩි ආරක්ෂිත බවක් ඇති කළා, ආර්ථිකය සහ අපේ ප්‍රජාවන් වඩා හොඳ තැනකට ගෙනාවා කියලා කියන අයට, ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි.”

ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ඔවුන්ගේ අපේක්ෂකයාගේ දුර්වලතා එනම්, ඔහු මුහුණ දී සිටින නීතිමය ගැටලු, ඔහුගේ බෙදුම්වාදී කතා සහ 2021 වසරේ එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල අසල කෝලාහල ඇති වීමට දායක වුණු 2020 මැතිවරණ ප්‍රතිඵල වළක්වාලීමට ඔහු ගත් උත්සහය ආදියෙන් මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට කටයුතු කරනු ඇත.

නමුත් බයිඩන්ට ද සැලකිල්ලට භාජනය කළ යුතු දුර්වලතා තිබේ. තම පළමු ධුර කාලයේ ළඟා කර ගත් සාර්ථකත්වය පිළිබඳව ජනතාවට ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට අපොහොසත් වීම සහ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදීමට හා දෙවන ධුර කාලයක් සඳහා තමන්ට ශක්තිය ඇති බවට මහජනතාවට ඒත්තු ගැන්වීමට උත්සහ කිරීම ඒ අතර වේ. ඔහු තම පූර්වගාමියා පාලනයෙන් තොර සහ ඇමෙරිකාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ලෙස චිත්‍රයක් මවයි. “මෙන්න, ඔබ ඉතා හොඳින් දන්නා කෙනෙක් ඉන්නවා, ඔබ ඔහු විශාල අවදානමක් බව ඔප්පු කිරීමට උත්සහ කරනවා,” 1988 වසරේදී මයිකල් ඩුකාකිස්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය කළමනාකරණය කළ ඩිමොක්‍රටික් කතුවරියක සහ විශ්ලේෂිකාවක වන සූසන් එස්ටි්‍රච් පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment