කොරෝනා 4 වැනි එන්නතේ මාත්‍රා මිලියන 08 ක් කල්පනින්න ළගයි  

166

කොවිඩ් මර්දනය වෙනුවෙන් ලබා දෙන හතරවන එන්නත් මාත්‍රා මිලියන අටක ප්‍රමාණයක් තවත් සති තුනක පමණ කාලයකින් කල් ඉකුත් වන තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්, මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙරට ජනගහණයෙන් ඉතා අඩු ප්‍රතිශතයක් පමණක් හතරවන මාත්‍රාව ලබා ගෙන ඇති බව පැවසූ වෛද්‍යවරයා, එය සංඛ්‍යාත්මකව 13,000ක් පමණක් බවද සඳහන් කළේය. ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ සැලකිය යුතු රටවල් රැසක මේ වන විට කොවිඩ් 19 යළි හිස ඔසවමින් පවතින බවට වාර්තා වන පසුබිමක මෙරට වැසියන් හතරවන මාත්‍රාව ලබා ගැනීමට යම් උදාසීන තත්ත්වයක් පෙන්නුම් කිරීම ඉදිරියේ යළි කොවිඩ් අවදානම් තත්ත්වයකට ලක් වීමට හේතු වුවහොත් එය බෙහෙත් තියන් ලෙඩ හදා ගැනීමක් වනු ඇතැයි ද වෛද්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම මෙරට සතුව ඇති කල් ඉකුත්වීමට ආසන්න එන්නත් මාත්‍රා ලබා ගැනීම වෙනත් රටවල් වලටද බරපතළ ගැටලු සහගත තත්ත්වයක්ව ඇතැයිද එනිසා ඒවා සියයට සියයක්ම ලබා දීමේ හැකියාව නොමැති බවද වෛද්‍යවරයා පැවසීය.

පවතින තත්ත්වය යටතේ මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ දෛනික වාර්තාවීම දහයේ සිට විස්ස දක්වා පැවතියත්, සංකූලතා සහ නිදන්ගත රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින් වහාම හතරවන මාත්‍රාව ලබා ගැනීමට පියවර ගත යුතු බවත් ඒ සඳහා තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල හා සම්බන්ධ වන ලෙසත්, පුරුද්දක් ලෙස පවත්වාගෙන යන මුව ආවරණය පැලඳීම තවදුරටත් පවත්වාගෙන යන ලෙසත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment