ඇන්ජලෝ මැතිව්ස් පසුකළ ටෙස්ට් කඩඉම

151

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000ක් ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත් විය.

නවසීලන්ත සමග ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 47ක් ලබාගැනීමත් සමගම ඔහු එම වාර්තාවට හිමිකම් ලැබීය.

මේ වනවිට ටෙස්ට් තරග 101කදී මැතිව්ස් ලකුණු 7000ක් ලබාගෙන ඇති අතර ඊට ශතක 13ක් සහ අර්ධ ශතක තිස් අටක් අයත්වෙයි.

අද තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47 ලබා සිටියදී දවා ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන මැට් හෙන්රි සමත්විය

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 06ක්ක් දැවි ලකුණු 305ක් ලබා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment