කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් විසිවෙයි

252


හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අදාළ පුද්ගලික පැමිණිල්ල සිදුකර තිබුණි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිලිකරු විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවය.

ඒ අනුව අදාළ පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment