දින හතරක් නම් කරනවා – අනුර ලෑස්තියි

425

ඔය කියන දිනවල බෑ – විවාද දෙකටම සජබ සූදානම්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ආර්ථිකය ගොඩනැංවීම සම්බන්ධයෙන් විවාද කිරීමට ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සූදානම් බව දන්වමින් ජාතික ජනබලවේගය වෙත පෙරේදා (22දා) ලිපියක් යොමුකර ඇත.

ඒ අනුව අදාළ විවාදය මැයි මස 07, 09, 13 සහ 14 දිනවලින් එකකදී පැවැත්වීමට අනුර කුමාර දිසානායක මහතා සූදානම් බවද එම ලිපිය මගින් දන්වා තිබේ.

ජාජබ නලින්ද ජයතිස්ස මහතා විසින් සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත විවාදය සම්බන්ධයෙන් ලිපිය යොමුකර තිබේ.
සුජීව තත්සර

මැයි මාසයේදී විවාද දෙකටම සජබ සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දින හතරක් නම් කරනවා - අනුර ලෑස්තියි

නලින් බංඩාර මහතා විසින් ආර්ථික ක්ෂේත්‍රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ විවාදයෙන් ⁣සහෝදරවරු පැන ගොස් නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත අභියෝග කර ඇති බවත් මැයි මාසය තුළ මේ විවාද දෙකටම සමගි ජන බලවේගය සුදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විවාදයෙන් පැන නොගොස් මේ අභියෝග දෙකම බාර ගන්නා ලෙසත් නිවටයෝ ලෙස පැන නොයන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 163 වැනි අදියර යටතේ ඊයේ හම්බන්තොට වීරකැටියේ ඕකන්දයාය මහ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ අමතර වියදම් වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කළේය.

ආර්ථික විශේෂඥයන් අතර විවාදය බැහැ කියන්නේ ඔවුන්ගේ ආර්ථික විශේෂඥයන්ට වැඩ බැරි නිසාද කියා ගැටලු‍වක් පවතින බවත් එම නිසා ලිපි හරඹ නොකර මැයි මාසයේ විවාද දෙකම කිරීමට එන ලෙසත් වාද විවාද පවත්වනවා සේම ඊට පෙර කයිය වගේම වැඩක් කර පෙන්වන ලෙස යෝජනා කරන බවත් රටට අවශ්‍ය කයිය නායකයෝ නොව වැඩ කරන නායකයෝ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සිංහල පමණයි දමිළ පමණයි කියන අය කරන්නේ තමන්ගේ ඡන්ද මල්ල පුරවා ගැනීම මිස අධ්‍යාපනය දියුණු කිරීම නොවන බවත් මේ නිසා පාසලින් විශ්වවිද්‍යාලයෙන් පිටවන දරුවා රැකියා නොමැති

විරැකියා පෝළිමට එකතු වන බවත් මේ ක්‍රමය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. පාසල් අධ්‍යාපනය තුළ ව්‍යවසායකයන් බිහි කිරීමේ දැනුමද ලබාදිය යුතු බවත් අධ්‍යාපනය කරන ගමන් ව්‍යවසායකයන් බිහි කිරීමේදැනුම ලබාදී ව්‍යවසායකයන් මිලියනයක් බිහි කළ යුතු බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය කාරක ප්‍රග්ධනය, සම්පත්, දරාගත හැකි පිරිවැයකට මූල්‍ය ප්‍රවේශය ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අතර ජාතික ජනබලවේගය විසින් විවාදය සඳහා යෝජනා කර දින හතර සක්වල වැඩසටහන යොදාගෙන ඇති නිසා වෙනත් දිනක ඊට සූදානම් බව සජබ දැනුම් දී ඇතැයි ඊයේ සවස වාර්තා විය.

advertistmentadvertistment
advertistmentadvertistment