රට පුරා රෝහල් කාර්ය මණ්ඩල උද්ඝෝෂණ

193

නුවරඑලිය මහ රෝහල

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නුවරඑලිය මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊයේ (27දා* දින උදෑසන 8 සිට දහවල් 12 දක්වා සේවා කටයුතුවලින් බැහැර වී රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

රට පුරා රෝහල් කාර්ය මණ්ඩල උද්ඝෝෂණ



ඡුායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක

* මොනරාගල රෝහල

රට පුරා රෝහල් කාර්ය මණ්ඩල උද්ඝෝෂණ

කොවිඞ් දීමනා සහ සහන කප්පාදු කිරීම සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබාදීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් විරෝධතාවය දැක්වීම සඳහා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ හෙද හෙදියන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලයට අයත් සේවකයින් ඊයේ (27දා) පැය හයක වැඩ වර්ජනයක නිරත වූහ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ වැඩවර්ජනයේ නිරතව සිටින හෙද හෙදියන් ඇතුළු සේවක පිරිසෙන් කොටසකි. බඩල්කුඹුර රවිඳු ගුණතිලක

* කළුබෝවිල රෝහල

රට පුරා රෝහල් කාර්ය මණ්ඩල උද්ඝෝෂණ

කොවිඞ් වසංගතය වෙනුවෙන් සෞඛ්‍ය අංශ වෙත ලබා දුන් රුපියල් හත්දහස් පන්සියයක දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය වෘත්තිය සමිති 44ක සාමාජිකයෝ ඊයේ (27දා) පැය පහක නිහඬ විරෝධතාවක නිරත වූහ. මෙහිදී සෞඛ්‍ය සේවකයන් පෙරවරු 7 සිට දහවල් 12 දක්වා කාලය තුළ තම රාජකාරීවලින් බැහැරව විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් රෝහල් පරිශ‍්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නියැළුණහ.

දෙහිවල – බී. ගෝමස්


 

advertistmentadvertistment
advertistmentadvertistment