විජයදාස ගැන පොහොට්ටුවෙන් තීරණයක්

110

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා වෙනත් පක්‍ෂයක වැඩ බලන සභාපති පදවිය ලබා ගැනීම නිසා ඔහුගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඉදිරියේ ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බව පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පක්‍ෂයේ ව්‍යවස්ථාවට සහ නීතියට අනුව දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය ලබාගැනීමෙන් පසුව වෙනත් පක්‍ෂයක සාමාජිකත්වය දැරීම ව්‍යවස්ථාවට පටහැනි බවද එම පක්‍ෂයේ ප්‍රබලයන් පෙන්වා දී ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment