සරණාගතයෙකුගේ පිහි ඇනුමෙන් ජර්මන් සිසුවියක් මරුට

441

දේශපාලන රැකවරණ පතා ජර්මනියට පැමිණ සිටින සරණාගතයෙකු විසින් පෙරේදා (05දා ) එල්ල කරන ලද පිහි ඇනුම් ප්‍රහාරයකින් දකුණු ජර්මනියේ ඉලකර්ච්බර්ග් නගරයේ පාසල් යමින් සිටි 14 හැවිරිදි සිසුවියක් මිය ගොස් තවත් 13 හැවිරිදි වියෙහි පසු වන සිසුවියක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ .පිහි ඇනුම් ප්‍රහාරයෙන් තුවාල ලැබූ පාසල් සිසුවියන් දෙදෙනාම බරපතළ තත්ත්වයෙන් යුතුව රෝහල්ගත කර ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිසුවියක් මෙසේ මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉලකර්ච්බර්ග් නගරයේ සරණාගත කඳවුරේ රඳවා සිටි 27 හැවිරිදි වියෙහි පසුවන එරිටි්‍රයානු ජාතිකයෙකු පිහියක් සමග සිද්ධිය සිදු වූ ස්ථානයට යාබද ගොඩනැගිල්ලක සැඟවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු සමග ඔහුට සහය වූ බවට සැක කෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පාසල් සිසුවියන් දෙදෙනෙකු ඉලක්ක කරගෙන පිහි ඇණුම් ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරුද ඔහුට සිදු වූ අනතුරකින් තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. පිහි ප්‍රහාරය එල්ල කිරීමට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment