දියතලාවේ විපතින් මරණ 7 ක් – 4කට බරපතළයි – 24කට තුවාල

419

පාස්කු ප්‍රහාරයට වසර 5 පිරුණු දා තවත් කඳුළක්

දියතලාව, නරියාකන්දේදී ඊයේ (21දා) පැවැති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරකින් ගැහැනු දරුවකු ඇතුළු හය දෙනකුගේ ජීවිත අහිමිවී ඇත. අනතුරත් සමඟ තරගය නැවැත්වීමට සංවිධායකයින් පියවර ගෙන තිබුණි.

ෆෝඩ් රේසර් වර්ගයේ මෝටර් රථ තරගය අතරතුරදී මෝටර් රථ තුනක් එකට ගැටී ඉන් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන පෙරළී මගීන් දෙසට පැමිණ මෙම අනතුර සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.

දියතලාවේ විපතින් මරණ 7 ක් - 4කට බරපතළයි - 24කට තුවාල

අනතුරින් තුවාල ලැබූ 30 දෙනකු දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් හයදෙනකු මෙසේ මියගොස් ඇත. තුවාල ලබා සිටි 24 දෙනා අතරින් සිවු දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය හය දෙනා අතර සංවිධායක සාමාජියෝ සිවුදෙනකු සහ සාමාන්‍ය වැසියෝ දෙදෙනක් වෙති.

දිවයිනේ ප්‍රධානතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක් වන මෙම තරගාවලිය මෙවර පැවැත්වූයේ වසර 05කට පසුය. 1993 වසරේ සිට වසර 27ක් පුරා නොකඩවා පැවැති මෙම තරගාවලිය රට තුළ පැවැති කොරෝනා වසංගත තත්ත්වය සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් 2020, 21, 22, 23 වසරවල දින නියමක් නැතිව කල්දමා පසුව අවලංගු කර තිබුණි. 2019 පැවැති නරියාකන්ද තරගාවලිය ද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුවිය.

දියතලාවේ විපතින් මරණ 7 ක් - 4කට බරපතළයි - 24කට තුවාල

මෙම අනතුර සම්බන්ධයෙන් දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර දයාරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ. අනතුර සම්බන්ධයෙන් පොලසිය විමර්ශන සිදුකරන බවත් මෙම තරගාවලිය සඳහා යුද හමුදාවේ සෘජු මැදිහත්වීමක් නැතත් යුද හමුදාව මගින් සොයාබැලීමක් සිදු කරන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පැවසීය.

මෙම අනතුර සිදුවූයේ සංවිධායකවරුන්ගේ වරදින් බවත් ධාවන පථයේ වාහන ගමන් කිරීමේදී අධික දූවිල්ලක් හට ගෙන තිබූ බවත් එය සංවිධායකවරුන්ගේ වරදක් බවත් පැමිණ සිටි පිරිස් චෝදනා කළහ. සංවිධායකවරුන් නිසි ලෙස ජලය දමා ධාවන පථයේ දූවිල්ල හට ගැනීම නැවැත්වීමට පියවර ගත්තේ නම් මෙවැනි අනතුරක් සිදුවීමට ඉඩ නොතිබූ බවද ඔවුහු චෝදනා කළහ. තරගය ආරම්භ කිරීමෙන් පසු වාහන 20ක් පමණ අනතුරට ලක්ව තිබූ බව ද වාර්තා විය. අනතුර සිදුවූ මෝටර් රථය පෙරළී ගොස් තිබූ වෙනත් මෝටර් රථයක ගැටීමෙන් පසු ධාවන පථයෙන් ඉවතට පැන අනතුරක් සිදුවූ බවට ප්‍රකාශ කරන බවත් අධික දූවිල්ල නිසා පෙරළී තිබූ මෝටර් රථය අනතුර සිදුවූ මෝටර් රථයේ රියැදුරා නොදැකීම නිසා මෙම මාරක අනතුර සිදුවූ බවටත් පිරිසක් චෝදචනා කළහ.

මියගිය හත් දෙනා මෙසේය

  • ආර්. අබේනායක (ඇඹිලිපිටියේ යුද හමුදා සෙබළෙක්)
  • ගනේෂ් ජයවර්ධන (මාතර)
  • අරුණ ශාන්ත උපාලි ගමගේ (මාතර)
  • අසේන් හීනටිගල (මාතර)
  • උදය කුමාර (බණ්ඩාරවෙල)
  • දනුෂිකා (අවු. 8) (බණ්ඩාරවෙල)
  • චමින්ද නිරෝෂන් (සීදූව) අවු. 19


    හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, බදුල්ල – සමරක්කොඩි බණ්ඩාර, හපුතලේ – නයනානන්ද බුවනෙක
advertistmentadvertistment
advertistmentadvertistment