අවුරුදු දා වෙඩි කෑ ගිරිතලේ තරුණිය මිය යයි

555

ජයන්තිපුර ගිරිතලේ යාය හතර ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී ඉකුත් අප්‍රේල් 14 වෙනිදා රාත්‍රී තිස්නව හැවිරිදි පෙම්වතා විසින් ගෙලට වෙඩි තැබීම නිසා බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දාහත් හැවිරිදි තරුණ කත පෙරේදා (27දා) රාත්‍රී මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙසේ මරුමුවට පත්ව ඇත්තේ කුඹුරු ඉඩම යායහතර ගිරිතලේ පදිංචි ගාල්පිටියේ ගෙදර කෝෂිලා චමෝද්‍යා බණ්ඩාර නමැති වයස අවුරුදු 17යි මාස පහක් වූ තරුණියකි.

වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණිය පළමුව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබූ අතර අනතුරුව අනුරාධපුර ශික්ෂණ මහ රෝහලට මාරුකර යවා තිබිණි. ඉන් අනතුරුව ඇය නැවතත් පොළොන්නරුව මහ රෝහලට මාරු කර එවා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරුමුවට පත්ව ඇත.

සිද්ධිය පිළිබඳව සැක කරන ලද පුද්ගලයා මින්නේරිය පොලිසියට භාර වීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර වෙඩි තැබීමට භාවිතා කරන ලද තුවක්කුව මේ දක්වා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවද පොලිසිය කියයි. මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (29දා) පැවැත්වීමට නියමිතව ඇතැයි පොලිසිය කියයි පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඬල මහතාගේ මගපෙන්වීම මත මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත ප්‍රේමලාල්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජය සෝමරත්න, සැරයන් ප්‍රේමතිලක (66952) සැරයන් සුමේධ (70077) යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

මින්නේරිය – සුසිල් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment