සැමියා මියගිය නිසා බිරියත් ගෙල වැලලාගෙන මියයයි

1848

වවුනියාව නෙඩුන්කේණී 6 කණුව ප්‍රදේශයේ ජීවත් වූ සිය සැමියා හදිසියේම හෘදයාබාධයකින් මියයෑමේ ශෝකජනක පුවත දරා ගැනීමට නොහැකි වූ ඔහුගේ බිරිඳ ගෙල වැලලාගෙන 20 දා මියගොස් තිබේ.

නිවසේදී හෘදයාබාධයකට ලක් වූ 48 හැවිරිදි රාමචන්ද්‍රන් රවීන්ද්‍රන් නැමති අය වහාම නෙඩුන්කේණී රෝහලට රැගෙන ගොස් තිබේ.

බිරිඳ ඇතුළු පිරිසක් ඔහුව රෝහල්ගත කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නිසා වවුනියාව මහ රෝහල වෙත ඔහුව මාරු කිරීමට සූදානම් වෙද්දී බිරිඳ ඔහුට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒමට නිවසට ගොස් ඇත.

ඒ අතරවාරයේදී ස්වාමියා නෙඩුන්කේණී රෝහලේදීම මියගොස් ඇති අතර රෝහලේ සිට පැමිණි අයෙකු බිරිඳට ඒ බව පවසා ඇත.

ඒ සමගම ඇය නිවසේ බාල්කයක එල්ලී සිය දිවි හානි කරගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ රාමචන්ද්‍රන් ජෙගතීස්වරී (46) නැමති දරුවන් දෙදෙනකුගේ මවකි.

මියගිය දෙදෙනාගේම මළ සිරුරු පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන යන තුරු නෙඩුන්කේණී රෝහලේ කොරිඩෝවේ තබා තිබුණු අතර සිද්ධිය දුටු පිරිසද ඔවුන්ගේ මරණ ගැන කම්පා වෙමින් හඬාවැටෙමින් සිටියහ.

නෙඩුන්කේණී පොලිසිය එම මරණ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment