ජාතික ඉතිරිකිරීමේ බැංකුව අඛණ්ඩව 3 වැනි වරටත් වඩාත්ම කාන්තා හිතකාමී ආයතන 10 අතරට එක්වෙමින් සම්මාන ලබයි

43

Satynmag.com සහ CIMA Sri Lanka එක්ව සවිධාන කල වඩාත්ම කාන්තා හිතකාමී සේවා ස්ථාන සදහා වන සම්මාන (WFWP Awards) උලෙලේ තුන්වන අදියර පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකාව සඳහා ඹභෘඡ නේවාසික නියෝජිත ්‘මි් ණමඉදඒ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහ විශේෂ අමුත්තන් රැසක් ආරාධිතයන් ලෙසත් මෙම අවස්ථාවට සහභාගී විය.

Satynmag.com CIMA WFWP සම්මාන උළෙල ශ්‍රී ලාංකේය සේවා ස්ථානවල කාන්තාවන්ගේ භූමිකාව නඟා සිටුවීමට සහ ආයතනික , සමාජීය සහ ආර්ථික සංවර්ධනය සඳහා ඔවුන් සවිබල ගැන්වීමට ඉමහත් උනන්දුවක් ඇති කර තිබේ. මෙම සම්මාන කාන්තා හිතකාමී, සක්‍රීය, සමානාත්මතාවය සහ ඇතුළත් සේවා ස්ථාන සංස්කෘතියක අවශ්‍යතාවය පිළිබඳ ප්‍ර‍ගමනීය දැනුවත් කිරීමක් ඇති කර ඇත.

ඒ අනුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) ඇතුළුව කැපී පෙනෙන සංවිධාන 10කට , වඩාත්ම කාන්තා හිතකාමී සේවා ස්ථාන ලෙස සමිමාන ප්‍රදානය කරන ලදී. මෙම සම්මාන කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චය කරන ලද අතර සාධාරණ සහ නිවැරදි ප්‍රතිඵලයක් සහතික කිරීම සඳහා Ernst & Young විසින් විගණනය කරන ලදී.

NSB, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන අතර, සෑම අංශයකින්ම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා බැංකුවලට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ යුතු බව සැමවිටම විශ්වාස කරයි. NSB බැංකුවේ කාන්තාවන් දිරිමත් කිරීම සහ සවිබල ගැන්වීම හරහා ඔවුන්ගේ නිවස තුල ඉටු කරන කාර්යභාරය සාර්ථක වන අතරම ජාතියට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා විශාල අවස්ථාවන් ලබා දෙයි. එපමනක් නොව, NSB විසින් සමාජයේ කාන්තාවන් දිරිමත් කරමින් ඉතිරිකිරීමේ පුරුද්ද ඇති කිරීමට සහ එමගින් ඔවුන් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට දිරිමත් කරන අතර කාන්තාවක් ලෙස ඇයට පැවරී ඇති බහුවිධ වගකීම් විශ්වාසයෙන් යුතුව ඉටු කිරීමට දිරි ලබාදෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment