හිටපු යුද හමුදාපති ජෙනරාල් ලයනල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

270

මාතෘ භූමිය වෙනුවෙන් අමිල මෙහෙවරක නිරත වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ 16 වන යුද හමුදාපතිවරයා වූ විශ්‍රාමික ජෙනරාල් ලයනල් බලගල්ල මහතා ඊයේ (26 දා) අභාවප්‍රාප්ත විය.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 75 හැවිරිදි වියෙහි පසුවිය. රත්නපුරදී ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඒ මහතා කොළඹ ආනන්ද විiාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.

1965 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ බලගල්ල මහතා දෙස්, විදෙස් පුහුණු පාඨමාලා රැසක් සාර්ථකව නිම කළ රණශූරයෙකි. 1987, 88 සහ 89 වසරවල මෙන්ම තිස් වසරක යුද සමයේදී ද මාතෘ භූමිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක නිරත වූ ලයනල් බලගල්ල මහතා, ජෙනරාල් ශ්‍රීලාල් වීරසූරිය මහතාගෙන් පසු 2000 වසරේදී මෙරට 16 වැනි යුද හමුදාපතිවරයා ලෙස පත්ව 2004 වර්ෂය දක්වා ධුරයේ කටයුතු කළේය. රණ වික්‍රම, රණ ශූර, විශ්ව සේවා විභූෂණ සහ උත්තම සේවා පදක්කම්වලින් පුද ලැබූ ඒ මහතා තිදරු පියෙකි.

බොරලැස්ගමුවේ පදිංචිව සිටි ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment