මව මැරූ ඇමරිකානු කාන්තාවකට වසර 23ක සිරදඬුවමක්

333

ඉන්දුනීසියාවට අයත් බාලි දූපතේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ධනවත් කාන්තාවක් වූ සිය මව ඝාතනය කිරීමට පෙම්වතාට සහය වීමේ චෝදනාව මත ඇමරිකානු කාන්තාවකට වසර 23 ක සිරදඬුවමක් නියම කිරීමට ඇමරිකානු අධිකරණයක් විසින් පියවර ගෙන තිබේ.

2014 වසරේදී ඉන්දුනීසියාවට අයත් බාලි දූපතේ සිය පෙම්වතා හා මව සමග නිවාඩුවක් ගත කරමින් සිටියදී පෙම්වතාට සිය මව වන ධනවත් ඇමරිකානු කාන්තාවක් වූ ශිලා වොන් වියෙස් මැක් මරා ඇයගේ සිරුර සූට්කේසයක දැමීමට උපකාර කිරීමේ වරදට මිය ගිය කාන්තාවගේ දියණිය වන හෙදර් මැක් හට අධිකරණය විසින් මුලදී වසර 26ක සිරදඬුවමක් නියම කර තිබිණි. එහෙත් චූදිත කාන්තාව 2015 වසරේ සිට 2021 දක්වා අදාළ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී ඉන්දුනීසියාවේ සිරදඬුවමක් විඳ තිබීම හේතුවෙන් නියම කළ සිරදඬුවම වසර 23කට අඩු කිරීමට අධිකරණය විසින් පියවර ගෙන තිබේ. සිය මව ඝාතනය කිරීමට පෙම්වතාට සහය වීමේ වරදට ඉන්දුනීසියාවේ සිරදඬුවම් විඳිමින් සිටි හෙදර් මැක් 2021 වසරේදී ඇප මත නිදහස් වී තිබිණි. එම ඝාතනය සිදු කළ හෙදර්ගේ පෙම්වතා වන ටොමි ශාෆර් තවමත් ඉන්දුනීසියාවේ සිරදඬුවම් විඳිමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment