සජබ සහ ජාජබ විවාදයේ අලුත්ම තොරතුරු

642

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලිඛිතව දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ මෙම දිනවල දී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සක්වල වැඩසටහන් සහ තවත් වැඩසටහන් කිහිපයක් යොදාගෙන ඇති නිසා එම දිනවලදී විවාදය පැවැත්විය නොහැකි බවය.එනිසා දෙපාර්ශවයම එකට හිද සාකච්ඡා කර සුදුසු දිනයක් නියම කර ගත යුතු බව ද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment