ආගමික සංහිඳියා බාධාවට වැට

89


ආගමික සංහිඳියාවට බාධා කරන පිරිස් පිළිබඳව සොයා බලා වහාම අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

බුද්ධි අංශ වාර්තා මගින් අනාවරණය වු තොරතුරු අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

ආගමික සංහිඳියාව විනාශ කරන පිරිස් පසුගිය කාලයේ විවිධ ආකාරයෙන් කරලියට පැමිණි අතර ඒවා අහඹු සිදුවීම් නොවන බවත් ඍජුවම ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම සඳහා සංවිධානාත්මකව සිදු කෙරුණු ඒවා බව බුද්ධි අංශ ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment