උඩතලවින්න දුම්රිය ස්ථානාධිපතිට මැර ප්‍රහාරයක්

1054

මහනුවර මාතලේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිහිටි උඩතලවින්න දුම්රිය ස්ථානයට බීමතින් කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ දුම්රිය ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා වත්තේගම රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වත්තේගම පොලීසිය පවසයි.

මෙම පහරදීම ඊයේ (21) දින රාත්‍රී 11.40 ට පමණ සිදුව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගම්මන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව පළාගොස් ඇති ඉතිරි සැකකරු සොයා පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment