යුනියන් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ඩිල්ෂාන් රුද්‍රිගු පත් කෙරෙයි

28

2024 ජනවාරි 15 ​වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඩිල්ෂාන් රුද්‍රිගු මහතා පත් වන බව යුනියන් බැංකුව නිවේදනය කරයි.

ඩිල්ෂාන් රුද්‍රිගු මහතා බැංකු ක්ෂේත්‍රයේ දශක දෙකකට අධික අත්දැකීම් සහ පළපුරුද්දක් සහිත ප්‍රමුඛ පෙළේ විධායක නිලධාරියෙකි.

මෙම පත් වීමට පෙර හැටන් නැෂනල් බැංකුවේ (HNB) විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සේවය කළ රුද්‍රිගු මහතා, එහිදී මධ්‍යගතකරණය, ස්වයංක්‍රීයකරණය, සේවාවන් බාහිරින් ලබා ගැනීම ආදී ක්ෂේත්‍ර තුළ ගාමක බලවේගය බවට පත් වෙමින් හැටන් නැෂනල් බැංකුවේ ආයතනික සංස්කෘතිය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.

එමෙන් ම ඒ මහතා පුහුණුව, කුසලතා සංවර්ධනය සහ පිරිවැය ප්‍රශස්තකරණය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් හඳුන්වා දීම හරහා හැටන් නැෂනල් බැංකුවේ වර්ධනයට දායක වීම තුළින් වඩාත් පිළිගැනීමට ලක් වී ඇති වෘත්තිකයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment